Cybertech
තොරතුරු තාක්ෂණ අත්වැල
සංචාරක ක්ෂේත්‍රය සඳහා තොරතුරු තාක්ෂණයේ යෙදීම්
වර්ථමානය වන විට තොරතුරු තාක්ෂණයේ දියණුව සංචාරක ක්ෂේත්‍රයේ නව හඳුන්වා දීම් රැසකට හේතු වී ඇත. සංකීර්ණ වෙබ් යෙදවුම්වල සිට ස්මාර්ට් ජංගම දුරකථනය දක්වා මේවා දැකිය හැකි අතර පහත දැක්වෙන්නේ එවැනි අවස්ථා කිහිපයක් පිළිබඳ තොරතුරුය.
1. තමා සිටින ස්ථානය දැන ගැනීමේ පහසුව
image source : http://www.naharnet.com/stories/en/94899
ගූගල් මැප්ස්, ජී.පී.එස් වැනි තාක්ෂණයන් හරහා තමා සිටින ස්ථානය දැනගැනීමේ හැකියාව මේ වන විට ඉතා සුලබ දෙයක් බවට පත් ව ඇත. විශේෂයෙන්ම මේ වනවිට වෙළඳපොලේ ඇති ස්මාර්ට් ජංගම දුරකථන සෑම එකකම පාහේ ගූගල් මැප්ස් යෙදවුම ඇති අතර දුරකතනය අන්තර්ජාලයට සම්බන්ධකිරීම මගින් ඉතා පහසුවෙන් තමා සිටිනා ස්ථානය පරිශීලකයන්ට දැනගැනීමට හැකියාව ඇත. තමා සිටිනා ස්ථානයට අමතරව වැදගත් ස්ථාන පිළිබඳ තොරතුරු ඇතුලත් වීම, යම් ස්ථනයකට ඇති දුර හා යා හැකි කෙටිම ගමන් මාර්ගය පෙන්වීම, ආදිය ද නිසා සංචාරකයන් අතර මේ වන විට මෙම යෙදවුම බෙහෙවින් ජනප්‍රිය වී ඇත.
2. පරිගණකගත වෙන්කිරීමේ සේවා ( Online Reservation Systems)
මෙම සේවාව හරහා සංචාරකයින්ට තම ගමන ආරම්භ කිරීමට ප්‍රථමයෙන් තමාට අවශ්‍ය සේවාවන් ඇණවුම් කර තැබිය හැකිය. හෝටල්, ගුවන්යානා, බස් රථ ආදී බොහොමයක් සේවවාන් අද වන විට මාර්ගගත ක්‍රමයට වෙන්කිරීමේ හැකියාව ලබා දී ඇත.
3. තොරතුරු වෙබ් අඩවි (Websites)
හෝටල් හා සංචාරක ආයතන තම ආයතනයේ විස්තර ඇතුළත් වෙබ් අඩවි අන්තර්ජාලයට නිකුත් කර ඇති නිසා. තමාගේ සංචාරයේ දී ලබා ගන්නා සේවාවන් ට අදාල තොරතුරු බොහොමයක් මෙම වෙබ් අඩවි මඟින්, එම සේවාවන් වෙන් කරවා ගැනීමට ලබා ගැනීමට සංචාරයේ යෙදීමට බලාපොරොත්තුවන්නන් හට අවස්ථාව ඇත.
4. අතත්‍ය සංචාර (Virtual Tours)
සත්‍ය ලෙසම සංචාරයේ යෙදීමට පෙර අදාල ස්ථානය පිළිබඳ තොරතුරු ගවේෂණයට අවශ්‍ය පහසුකම් මේ යටතේ ලැබේ. 360 වීඩියෝ , 360 ඡායාරූප, ගූගල් ස්ට්‍රීට් වීව් අාදිය මේ යටතේ දැක්විය හැකිය.
5. මාර්ගගත ප්‍රජාවන් (Online Communities)
විශේෂයෙන්ම සමාජ මාධ්‍ය කේන්ද්‍ර කොට ගනිමින් නිර්මාණය වී ඇති සංවාද කණ්ඩායම් හරහා සංචාරකයන්ට ද වැඩිදුර තොරතුරු ගණනාවක් සොයාගැනීමට හැකියාව ඇත. සංචාරය කිරීමේ අත්දැකීම් අන් අය සමඟ බෙද හදා ගැනීමට මෙය කදිම මාධ්‍යයකි.
6. මාර්ගගත ප්‍රතිචාර දැක්වීම් (Online Reviews)
යම් ආයතනයක යම් සේවාවක් ලබා ගත් විට එම සේවාව පිළිබඳව සෑහීමකට පත්වන්නේ ද නැත් ද යන වග පිළිබඳව යම් අදහස් දැක්වීම් කරන්නටත් ඒවා අන් අයට බලා ගැනීමට හැකියාව ලැබනෙ ලෙස සකස් කිරීමටත් අද වන විට අන්තර්ජාලය ආශ්‍රිත සේවා හරහා හැකියාව ලැබී ඇත.
7. නිරන්තරයෙන් යාවත්කාලීන වීම (Updates)
සමාජ මාධ්‍ය හෝ ඊ මේල් ආශ්‍රිත සේවාවන් හරහා, තමන් කැමැත්තෙන් සිටින යම් ආයතනන් හෝ ස්ථාන පිළිබඳ අලුත්ම තොරතුරු තමා වෙත ලබාගැනීමට කටයුතු කල හැකිය. හෝටල් වෙන් කිරීමේ දී විශේෂ වරප්‍රසාද පිරිනැමෙන කාලසීමාවන්, සංචාරයට වඩාත් සුදුසු කාල වකවානු ආදිය පිළිබඳ නිරන්තරයෙන් දැනුවත් වී සිටීමට මෙමඟින් හැකිය.
8. පුද්ගල කේන්ද්‍රීය වූ අලෙවිකරණ ක්‍රියාවලි නිර්මාණය වීම
විවිධ පුද්ගලයින්ගේ රුචිකත්වය එකිනෙකට වෙනස් වේ. ඒ නිසා එම පුද්ගලයන්ගේ තෝරාගැනීම් ද විවිධ වේ. මෙයට විසඳුමක් ලෙස සමාජ මාධ්‍ය සහ විවිධ අන්තර්ජාල යෙදීම් හරහා සොයාගන්නා විවිධ පුද්ගලයන්ගේ රුචිකත්වය අනුව ඔවුන් වෙත ඔවුන්ට වඩාත් ගැලපෙන භාණ්ඩ හා සේවාවන් පිළිබඳ තොරතුරු යැවීමට හැකියාව ඇත.
No comments:
Post a Comment
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment